ගාලු කොටුව පිටරැටියෝ මිලදී ගනිති

Share

ලෝක උරුම ගාලු කොටුවේ ඇති ගොඩනැඟිලි සියයකට අධික සංඛ්‍යාවක් විදේශිකයින් විසින් මිලදී ගෙන ඇතිබව වාර්තාවේ.

මෙසේ මිලදී ගත් ඇතැම් ගොඩනැගිලිවල විදේශිකයින් සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන අතර තවත් සමහරෙක් තමන් මිලදී ගත් ගොඩ නැගිලි යළිත් ඉහළ මිලකට අළෙවි කරන අතර විදෙස් ධනවතුන් මෙම ඉඩම් මිලදී ගැනීමට උත්සහා කරන ප්‍රවනතාවක් ඇති වී ඇති බව ද වාර්තාවේ.

මේ හේතුව නිසා මේ වන විට ගාලු කොටුවේ පර්චසයක මිල රුපියල් මිලියන 15 ත් 17ත් අතර පවතින අතර මීට වසර දෙකකට පෙර එම මිල මිලියන 10ක් වූ බව පැවැසේ.

ගාලු කොටුවේ රජයේ ආයතන පවත්වාගෙන යන ගොඩ නැගිලි 37ක් ඇතුළු ගොඩනැගිලි 450ක් පමණ ඇති අතර මේ වන විට ඉන් ගොඩ නැගිලි 100කට අධික ප්‍රමාණයක් විදේශිකයින් විසින් මිලදී  ගෙන ඇත.

Read more

Local News