මල්ගහට මුවා වෙලා කසිප්පු පෙරුව අත්තම්මා කොටුවේ

Share

තම නිවස තුළ කලක් තිස්සේ ඉතා ශුක්ෂ්ම ලෙස කසිප්පු පෙරූ 60 හැවිරිදි කතක් අත්අඩංගුවට ගෙන ඇත.

පන්නල පොලිස් වසමට අයත් බලවල ප්‍රදේශයේ පදිංචි කතක් මෙසේ අත්අඩංගුවට පත් වි ඇත්තේ මත්පැන් පෙරීමට යොදාගන්නා උපකරණද සමගය.

සැකකාර කාන්තාවගේ නිවස ආසන්නයේ ගොඩා බැරලයක් වළදමා බැරලයේ මූඩියේ ප්‍රමාණයට සරිලන ලෙස ඊට උඩින් කොහුබත් බැඳ සකස් කළ විශාල මල් ගසක් තබා බැරලයේ ගෝඩා මෝටරයක් ආධාරයෙන් බට යොදා ඉහළට ගෙන මත පැන් පෙරීම සිදු කර ඇති බව පොලිසිය පවසයි.

සැකකාරිය ලබන 13 වැනිදා කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News