පිටරැටි දුම්වැටි දැලේ

Share

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(12) දින උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර අැත.

මොහු පුත්තලම, ඉහළ තබ්බෝව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බවටයි වාර්තා වන්නේ.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු වල රුපියල් දහ හතර ලක්ෂයක් වටිනා දුම්වැටි 20,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 100ක් සහ වෙනත් වර්ගයේ දුම්වැටි 4,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 22 ක් තිබූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.

Read more

Local News