චීනය කැනඩාව සමග යුද්ධයක් ?

Share

චීනය විසින් කැනේඩියානු ජාතිකයෙක් වන මයිකල් කොව්රිග් රඳවා තබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මිට පෙර ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාජතාන්ත්‍රික නිලධාරියෙක් ලෙස කටයුතු කර ඇති අතර මේ වන විට ඔහු චීනයේ රැකියාවක් කරමින් සිටින බව වාර්තා වෙයි.

ඔහු සේවය කරනු ලබන සමාගම මයිකල් කොව්රිග් චීන බලධාරීන් විසින් රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඇති බවට තහවුරු කර ඇති අතර ඔහු නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම කැනේඩියානු ජාතිකයා රඳවා තබා ගැනීමට හේතුව කුමක්ද යන්න පිලිබදව චීන රජය විසින් මෙතෙක් කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැති අතර ඉකුත් දෙසැම්බර් 01 වැනිදා අමෙරිකාව විසින් උදර්පණ නිතිය යටතේ සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව චීනයේ සුප්‍රකට හුවාවේ දුරකථන සමාගමේ ප්‍රධාන මුල්‍ය පරිපාලන නිලධාරිනිය වන මෙන්ග් වන්සුහ් අත්අඩංගුවට ගැනීමට කැනඩාව කටයුතු කිරීමත් මෙයත් අතර සම්බන්ධයක් ඇති බවට විදෙස් මාධ්‍ය වැඩ්දුරටත් වාර්තා කරයි.

සිය රටේ ප්‍රධාන සන්නිවේදන උපාංග හා දුරකථන සමාගමක් වන හුවාවේ සමාගමේ නිර්මාතෘවරයාගේ දියණිය මෙන්ම එම සමාගමේ මුල්‍ය පරිපාලන නිලධාරිනිය නිදහස් කරන මෙන් චීනය අවස්ථා ගණනාවකදී කැනඩා රජයෙන් ඉල්ලීම් සිදුකලත් ඔවුන් එය අධිකරණ කටයුත්තක් බැවින් තමන්ට ඒ සඳහා අතපෙවීමක් සිදුකල නොහැකි බව දන්වා තිබේ.

මේ හේතුවෙන් චිනය විසින් කැනඩාවට එරෙහිව එකට එක කිරීමක් වශයෙන් කැනේඩියානු පුරවැසියෙක් චෝදනාවක් නොනගාම සිය භාරයට ගෙන ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයින් සදහන් කර තිබේ.

Read more

Local News