අකිලගේ ඉරියව් නිවැරදි කිරීම 14 දා

Share

ශ්‍රී ලංකා පිළේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කිරීමේ පුහුණුවීම් අනිද්දා(14) ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ප්‍රකාශ කළේය.

ධනංජයගේ පන්දුව එල්ල කිරීමේ කෝණය දැනට පවතින රෙගුලාසි යටතේ අවසර හිමි වන අංශක 15ක ආනතිය ඉක්මවා යන බවට තහවුරු වී ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඊයේ(11) නිවේදනය කළේ.

ඒ අනුව, ඔහුට ජාත්‍යන්තර තරඟවලදී පන්දු යැවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබීය.

Read more

Local News