රට වෙනුවෙන් දෙපා දුන් සෙබළාගේ දිරි ගමන සාර්ථකව නිමවේ

Share

සංහිඳියාව හා සාමය පෙරදැරි කොටගෙන දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා ට්‍රයිසිකලයකින් ගමන්ගත් සෙබළා ඊයේ(11) සාර්ථක ලෙස තම ගමනාන්තයට ළඟාවිය.

යුද හමුදා අබාධිත සෙබළ කෝප්‍රල් පි.කේ.ජි.කරුණාරත්න සෙබළා පසුගිය 3 වැනිදා සිය චාරිකාව ආරම්භ කළේය. දෙවුන්දරතුඩුව සිට පේදුරුතුඩුව දක්වා කිලෝමීටර 576 ක දුර ප්‍රමාණයක් සිය ට්‍රයිසිකලයෙන් ගමන් කිරීමටය.

2009 මැයි 07 වැනිදා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකට හසුව දෙපා හා අතක ඇඟිලි අහිමිව ඇති කරුණාරත්න සෙබළා ගමන්කළ මාර්ගය‍ දෙපස සියළු යුද හමුදා මූලස්ථාන හා අනුඛණ්ඩ විසින්ද මාර්ගය දෙපස සිට කරුණාරත්න සෙබළා වෙනුවෙන් සිය ස‍හයෝගය පළ කිරිමට එක්ව සිටියේය.

කරුණාරත්න සෙබළා පේදුරුතුඩුවට පැමිණි අවස්ථාවේදි යාපනය වඩමාරච්චි උතුර ප්‍රාදේශීය ලේකම් අල්වායිපිල්ලේ ශ්‍රී , යාපනය මරුදන්කේනි ප්‍රාදේශීය ලේකම් ඊ.කනගේෂ්වරන් යන මහත්වරුන් හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි , ගජබා රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුධ හමුදාවේ නිළධාරීන් විසින් ඔහු පිළිගනු ලැබීය.

Read more

Local News