මන්නාරමෙන් හමුවු සිරුරු කොටස් 276ත් ඉක්මවයි – කොටස් 21 ක් ළමුන්ගේ

Share

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනි වලේ අද වනවිට සිදු කරන ලද කැනීම් වලදී හමුවූ සිරුරු කොටස් 276 ක් දක්වා ඉහළ ගොස් අැත.

එම සිරුරු අතර කුඩා ළමුන්ගේ සිරුරු කොටස් 21 ක් හමුවී ඇති බවට කැණීම් පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ පැවසීය.

එමෙන්ම සමූහ මිනි වල තුළින් මතුවු මිනිස් අස්ථි කොටස් දෙකක් එකිනෙකට කිසියම් දෙයකින් එක්ව සිටින ආකාරයට බැඳ තිබෙන ආකාරයේ අස්ථි කොටස් කැබලි නැවතත් හමුවූ බවටත් මීට පෙරත් එවැනි අස්ථි කොටසක් හමුවූ බවද පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ පැවසීය.

වෛද්‍යවරයා පැවසූවේ එලෙස හමුවු අස්ථි කොටස මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ අවධානය පිණිස යොමුකොට ඇති අතර, අදාළ අස්ථි කොටස් දෙක කිසියම් ලෝහයකින් හෝ වෙනත් දෙයකින් හෝ ගැටගසා ඇත්ද? එලෙස නොවන්නේ නම් අදාළ අස්ථි කොටස්වල පැළදි වෙනත් ආභරණයක්ද?, නැතිනම් සිමෙන්ති බැදීමක්ද? යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි.

Read more

Local News