ඉදිරි පැය 24 අවධානම්

Share

දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය උතුරු දෙසට බරව වයඹ දෙසින් ගමන් කරමින් දෙසැම්බර් මස 15 වන දා වන විට තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවට කාලගුණ අංශ අනුමාන කරයි.

ඒ හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල්, මඩකලපුව හා ත්‍රීකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හා සුළං (පැයට කිලෝ මීටර 70-80) ඇති විය හැකි බව ද සඳහන් වෙයි.

ධීවර හා නාවික ප්‍රජාවට මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි.

Read more

Local News