රනිල් වෙනුවෙන් සජිත් ගෙන ආ යෝජනාව මංගල ස්ථිර කරයි

Share

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව මංගල සමරවීර මහතා ස්ථිර කරනු ලැබිය.

ඒ මහතා වැඩ්දුරටත් අදහස් දක්වමින් ” අපි පසුගිය ජනපතිවරණයේදී සෑම ගමකම පෝස්ටර් ගැහුවේ මෛත්‍රි ජනපති – රනිල් අගමැති  කියලයි. අපි ආණ්ඩුව පිහිටෙව්වාට පස්සේ පනත් රාශියක් සම්මත කරගත්තා. මිනි බජට් එක අපි තුනෙන් දෙකකටත් වැඩි වැඩි ඡන්දයකින් සම්මත කර ගත්තා.

19 වැනි සංශෝධනයට පක්ෂව ඡන්ද 215ක් ලැබුණා. අපිට දිගින් දිගටම ස්ථාවර ශක්තිමත් රජයක් තිබුණේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඒක ඉහළින්ම නූල් සූත්‍ර දාලා මෙතින් ඉදිරිපත් කළා. එයට විපක්ෂව ඡන්ද 122ක් ලබාගෙන ඒක පරාජය කළා.

යහපාලනයෙන් ඉවත්වුණේ අපි නොවෙයි වෙනත් අයයි. අපි රජය ඇතුළේ සිටිමින් යහපාලනය වෙනුවෙන් සටන් කළා. අපි භාර ගත්තේ කොන්වෙලා තිබුණ ලංකාවක්. විශේෂයෙන්ම එක්සත් ජාතික පෙරමුණේ විදේශ ප්‍රතිපත්තිය නිසා අපිට ලෝකය දිනාගන්න බොහොම පහසු වුණා.” පැවසීය.

Read more

Local News