විභාගය ඉවරවෙනවත් එක්කම එළියට අාපු වෙෙරය

Share

අධ්‍යන පොදුසහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයේ අවසන් දින වන අද දින (12) විභාග ශාලාවේ දොර අභියස සිට මුහුණ සූරා පහරදුන් සිසුවියක් පොලිස් බාරයට ගැනීමට කුලියාපිටිය පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පියවරගෙන තිබේ.

පහරකෑමට ලක්ව මුහුණේ තුවාල සීරීම් සහිත අනෙක් සිසුවිය මේවන විට රෝහල්ගත කර ඇති බවට අප වාර්තාකරු පැවසීය.

එසේ ගුටිබැට හුවමාරුවට ලක්ව තිබුණේ කුලියාපිටිය නගරාසන්නයේ පිහිටි එකම පාසලක සිසුවියන් දෙදෙනෙකි.

එකම වයසේ පසුව සමාන්තර පන්ති දෙකක අධ්‍යාපනය හදාරා තිබූ එක් සිසුවියක් කලකපටන් අනෙක් සිසුුවිය සමගින් අමනාපව මාස ගණනාවක් කල් ගතකොට ඇති අතර එම කාලය අතරතුර දෙදෙනා මුහුණෙන් මුහුණ හො බලා නොමැති බව මූලික පොලිස් විමර්ශන අනුව හෙළි වී ඇත.

සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීමත් සමඟ සිසුවියන් දෙදෙනා එක් ශාලාවක විභාගයට මුහුණ දීමට සිදුව ඇති අතර ඔවුන් ඇනුුම්පද හුවමාරුකරගන ඇත.

පසුව විභාගය අවසන්වූ අද දිනයේ ප්‍රශ්න පත්‍ර ශාලා පරීක‍ෂකයින්ට බාර දී අවසන් වීමත් සමඟ දෙදෙනා අතර ශාලාවේ දොර අසලදී බහිම්බස්වීමක් සිදුව ඇත.

එහිදී එක් සිසුවියක් අනෙක් සිසුවියට පහර පිට පහර එල්ලකර ඇති අතර සිය නියපොතුවලින් අනෙක් සිසවයගේ මුහුණ කම්මුල දෙපස සූරා තිබිණ.

පහර දුන් බව කියන සිසුවිය සම්බන්ධ පොලිස් පරීක‍ෂණ ක්‍රියාත්මක බවද පොලිසිය පවසයි.

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක‍ෂක අජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක‍ෂකා ධනංජනී, කාන්තා පොලිස් සැරයන් චන්දිමා(1275) නිළධාරීහු වැඩිදුර පරීක‍ෂණ මෙහෙයවති.

Read more

Local News