රනිල්ට JVP සහාය නෑ

Share

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරිමේ යෝජනාව, ජනතා විමුක්ති පෙරමුණට අදාළ නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදීය.

ඒ මහතා එහිදි වැඩ්දුරටත් අදහස් දක්වමින් ” රනිල් කිසිසේත්ම ඔය පුටුවට ඕන කියන නිර්ණායකය අපිට නෑ. රනිල් හෝ මහින්ද ඔය පුටුවේ වාඩිවීම ගැන පුද්ගලික ප්‍රශ්ණයක් අපිට නෑ. තිදෙනෙනක් එකතු වී කුමන්ත්‍රණකාරි පාලනය බලයක් අත්පත් කර ගැනිම තමයි අපිට තිබෙන නිර්ණායකය.

ඔක්තෝබර් 26 දාට අපි විරුද්ධ වන්නේ එම ආදර්ශය නැවත ඇතිවීම වැළැක්වීමටයි. එය ආරම්භ වූ තැනම පරාජයට පත්කළ යුතුයි. එම කුමන්ත්‍රණය පරාජය කරන හැම පියවරකම අපි ඉන්නවා.” යනුවෙන් පැවසීය.

Read more

Local News