ටයිටැනික් නෞකාවේ ගමන් ගත් මගියෙකු ලියූ ලිපියක් වෙන්දේසියේ

Share

ටයිටැනික් නෞකාවේ ගමන් ගත් මගියෙකු ලියූ ලිපියක් වාර්තාගත මිලකට වෙන්දේසි කර තිබේ. එය යුරෝ 126,000කට අලෙවි වී ඇත. නෞකාව මුහුදුබත් වීමත් සමග මෙම ලිපිය සොයා ගෙන ඇත්තේ ඔහුගේ සාක්කුවේ තිබියදීය.

1912 වසරේ අප්‍රේල් 13 වනදා ටයිටැනික් නෞකාවේ ගමන්ගත් අැමෙරිකා ජාතික ව්‍යාපාරිකයෙකු වූ ඔස්කා හොල් වර්සන් නම් අයෙකු සිය මවට මෙම ලිපිය ලියා තිබේ. ටයිටැනික් නෞකාව මුහුදුබත් වූයේ 1912 වසරේ අප්‍රේල් 15 වනදාය.

ඔස්කා හොල්ගේ බිරිදත් මෙම නෞකාවේ ගමන්කර ඇති අතර, නෞකාව මුහුදුබත් වීමෙන් ඔහු මියගොස් බිරිඳගේ දිවි බේරී තිබේ.

එම ලිපියේ සුඛෝපභෝගී නෞකාව පිළිබද විස්තර හා නෞකාවේ ඉතා උසස් කෑම බීම පිළිබද විස්තර කර  තිබේ.

Read more

Local News