ලංකාවේ උතුරු නැගෙනහිර ගැටලුවට විසඳුමක් රනිල් කියයි

Share

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් නොබෙදුණ ශ්‍රී ලංකාවක් තුළ සෑම දෙනෙකුටම පිළිගත හැකි විසඳුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඔහු වෙනුවෙන් විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව අමතමිනි.

වැඩ්දුරටත් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා පැවසුවේ  ” ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය පරාජය කිරීමට ලැබුණ සහායට ස්තූතියි. ව්‍යවස්ථාව තමයි රටක ප්‍රධාන නීතිය. ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරන්නයි අපි ඔක්කොම කියන්නේ.

හැම කෙනාම කියන්නේ ව්‍යවස්ථව අනුව කටයුතු කරන්න කියලයි. මන්ත්‍රීවරු 122ක් සභාවේ බලය ආරක්ෂා කරන්න කටයුතු කර තිබෙනවා. අපේ වැරදි තිබෙනවා. ප්‍රධාන පක්ෂ දෙකක් එකට එකතු වී කටයුතු කළ නිසා අපිට වේගයෙන් යන්න බැරිවුණා.

ජනාතාව දුක් වින්දා. අපිට විශාල ණයක් ගෙවන්න තිබුණා. අධ්‍යාපනයට, සෞඛ්‍යයට නිවාස වෙනුවෙන් අපි විශාල මුදලක් වෙන් කළා. මාසයක තිස්සේ අපි පස්සට ගියා. රටට හානියක් වෙලා තිබෙනවා. මෙය නිවරදි කරන්න පුළුවන්.

අපි සංවර්ධනය ඉදිරියට ගෙනියනවා. ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරිවෙලා තිබෙනවා. අලුත් ව්‍යවස්ථාවකින් නොබෙදුණ රටක් තුළ සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජනතාවටම පිළිගත හැක විසඳුමක් දෙනවා. පළාත් සභා ශක්තිමත් කරනවා.” බවයි.

Read more

Local News