ජනපති වතු කම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරයි

Share

වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලූව පිළිබඳ අදාළ සමාගම් සමග සාකච්ඡා කර එකඟතාවකට එළැඹෙන තෙක් වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වර්ජනයේ නිරත සියලු වතු කම්කරුවන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.

ජනපතිවරයා මෙම ඉල්ලිම සිදුකළේ දැනට උද්ගත වී ඇති වතුකරයේ වැඩවර්ජනය හා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම් පිළිබඳ සාකච්ඡා කිරීමට එම වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවති හමුවකදිය.

වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් හිමි විය යුතු බව තමා විශ්වාස කරන අතර, ඒ හා සමගාමීව තේ කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ද අවශ්‍ය පියවර ගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කරනු ලැබිය.

වතු කම්කරුවන්ගේ වැටුප් ගැටලූව පිළිබඳව වතු සමාගම් සමග සාකච්ඡාවක් ලබන 19 වනදා කැඳවීමට ද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

Read more

Local News