O/L උත්තර පත්‍ර ඇගයීම 23 දා සිට

Share

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වන දින සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදියර දෙකක් යටතේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරීමට නියමිත බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කළේ.

එ් අනුව පළමු අදියර ලබන 23 වන දින සිට ජනවාරි 01 වන දින දක්වා සිදු කිරිමට නියමිත අතර දිවයින පුරා පිහිටි පාසල් 107කදී පළමු අදියරේ ඇගයීම් කටයුතු සිදු කිරිමට නියමිත වේ.

ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරිමේ සැසිවාර ලබන 18,19,20 සහ 21 යන දිනවලදී කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වෙයි.

සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ජනවාරි මස 08 වන දින සිට 17 වන දින දක්වා සිදු කිරීමට සැලසුම් කර තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය දෙසැම්බර් 03 වන දින ආරම්භ වූ අතර ඊයේ(12) දිනයෙන් අවසන් විය.

Read more

Local News