රනිල් අගමැති ලෙස පිළිනොගන්නා බව කෙහෙළිය කියයි

Share

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකරමින් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතවුවද, ඔහු අගමැතිවරයා ලෙස පිළි නොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ඊයේ (12) දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පාර්ලිමේන්තුව අවභාවිතයට ගනිමින් කථානායකවරයා ඉදිරියේ  සම්මත වන යෝජනා ශූන්‍ය වන බවත්, අනීතික පාර්ලිමේන්තුව සම්බන්ධව මෙතෙක් කල් තම කණ්ඩායම ගත් ස්ථාවරයේ වෙනසක් නොමැති බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසිය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ හෝ අරලියගහ මන්දිරයේ සම්මත වන යෝජනාවක් ලෙස මෙම යෝජනාව හැඳින්විය හැකි බවද ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News