පළාත් කිහිපයකට තවදුරටත් වැසි

Share

දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24ක කාලය තුළදී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන ලකුණු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් මස 15 වනදා වන විට තමිල්-නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි දැනට අනුමාන කෙරේ.

ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිලිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් නැගෙනහිර පළාතේ ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා වන තරමක්තද සුළං සහ තරමක ශීත කාලගුණ තත්වයක් ඇති විය හැක.

Read more

Local News