ඉතිහාසයේ පළමු වතාවට සිදුවූ දෙයක් ගැන හදුන්නෙත්ති කියයි

Share

ව්‍යවස්ථා විරෝධි කුමන්ත‍්‍රණය පරාජය කිරිම සදහා ඉදිරියටත් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය.

ඒ මහකා මේ බව පැවසුවේ මාතරදි පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදි වැඩ්දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා ‘‘ අද අපි මේ එකතු වෙලා ඉන්නේ අපේ රටේ දේශපාලනයේ තිරණාත්මක අවස්ථාවක, මේ මොහොතේ අපේ රට කොයිපැත්තටද යන්නේ, අපේ රටේ ප‍්‍රජාත‍්‍රන්තවාදයට මොකද වෙන්නේ, ජන ජිවිතකයට මොකද වෙන්නේ, කියන සැක සංකා පහු කරලා ජනතාවට ඕනම එකාධිපතියෙක් පරාජය කරන්න පුළුවන් කියන තැන තමයි අද ඉන්නේ.

සාමානයෙන් වැඩ තහනම් වෙන්නෙ රජයේ හෝ පුද්ගලික සේවකයෝ. දැන් ලංකා ඉතිහාසයේ පළමු වතාවට තමයි අගමැති කෙනෙක් වැඩ තහනම් වෙලා තියෙන්නේ. පි.එම් , එම්.පි වෙලා තියෙන්නේ. මේ කුමන්ත‍්‍රණය ආරම්භ කළ වෙලාවේම සිරිසේන මහත්තයයි රාජපක්ෂ කල්ලියයි කවුරුත් හිතුවා මේක ආපස්සට හරවන්න බැ කියලා.

හැබැයි මේ කුමන්ත‍්‍රණය ආපස්සට හරවන්න ඕන කියන නිවැරදි තිරණය පළවෙනි තත්පරයෙදිම අප ජනතාවට ලබාදුන්නා. ඒ වෙනුවෙන් කළ හැකි සියලූ දේ කළා” යනුවෙන් පැවසීය.

Read more

Local News