තීරණාත්මක තීන්දුව අද 4ට

Share

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව අද(13) සවස 4 ට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය නිවේදනය කර තිබේ.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පසුගිය 4 වනදා සිට 7 වනදා දක්වා පුරා දින හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබීය.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

Read more

Local News