නල්ලතන්නී ගින්න නිවන්න ඉහළින් උදව්

Share

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ස්භාවික රක්ෂිතයක හට ගත් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයක සහය ලබා ගත් බව නල්ලතන්නිය පොලීසිය පවසයි.

එම රක්ෂියේ ඊයේ (12) පස්වරු 6 ට පමණ ගින්නක් හට ගෙන ඇති අතර එම ගින්න නල්ලතන්නිය පොලීසියේ නිලධාරින් එක්ව මැඩ පැවැත්විමට කටයුතු කල අතර , එම රක්ෂිතයේ ඉහළ කදු මුදුණේ හටගෙන තිබු ගින්න පාලනය කිරිමට පොලිසියට එම ස්ථානයට ළඟා විමට නොහැකි විය.

එම ගින්න මැඩ පැවැත් විමට අද (13) උදැසන ගුවන් හමුදාවේ එම්.අයි 17 ගුවන් යානයක සහයෙන් මවුස්සාකැලේ ජලාශයේ සිට ජලය රැගෙන ගොස් එම ගින්න තවදුරටත් පැතිර තිබු කදු මුදුණට ඉසිමෙන් පසු එම ගින්න මේ වන විට සම්පුරණයෙන්ම පාලනය කර ඇති බව නල්ලතන්නිය පොලීසිය කියා සිටියේය.

එම රක්ෂිතයට ඉහළින් ශ්‍රී පාද රක්ෂිතයද පිහිටා තිබේ.

Read more

Local News