ගම්මන්පිලගේ නඩුව එන වසරේ විභාගයට

Share

ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන විස්සක් පමණ වටිනා සමාගම් කොටස් විකුණා එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අප්‍රේල් මස 02 වනදා විභාග ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(13) කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරුවරයා නියම කළේ එම නඩුව අප්‍රේල් මස දෙවන දා සිට විභාගයට ගන්නා බවයි.

එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා අධිකරණය විසින් අවවාද කරනු ලැබීය.

ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන විස්සක් පමණ වටිනා සමාගම් කොටස් විකුණා එම මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබේ.

Read more

Local News