කථානායකගේ හැසිරිම ගැන ගයන්ත කියයි

Share

“මොනම කථානායකවරයෙක්වත් හැසිරුණේ නැති ආකාරයට එඩිතරව අභීතව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී හිටපු නායකයා අපේ කථානායක කරු ජයසුරීය මහතා යැයි” පා.ම ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අක්මීමන ආසනයේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමිනි.

එහිදි වැඩිදුරටත්  අදහස් දක්වමින් මන්ත්‍රිවරයා “මිරිස් කුඩු ප්‍රහාර එල්ල කරද්දි, අහුවෙන අහුවෙන එකෙන් ගහද්දි, බයිබලයෙන් ධම්ම පදයෙන් පවා දමලා ගහද්දි, පොලිස් කාරයින්ට බලා සිටිය දී කනට ගහද්දී අභීතව ඇවිල්ල ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කරපු නායකයා අපේ කථානායක කරු ජයසුරිය මහතායි.

ඒ විතරක් ද මෛත්‍රීපාල ජනාධිපතිතුමා කියනවා මම වාර ගණනාවක් අගමැතිකම භාර ගන්නා ලෙස එතුමාගෙන් ඉල්ලුවා කියල. බලන්න අපේ නායකයින්ගේ ලකෂණ. එතුමා කිව්වා මට පක්ෂයක් තියෙනවා, නායකයෙක් ඉන්නවා, මන්ත්‍රී කණ්ඩායමක් ඉන්නවා මෙහෙම අපි හොර පාරේ අගමැතිකම් ගන්න ලෑස්ති නැහැ කියල. එතුමා ජනාධිපතිතුමාට පැහැදිලිව කිව්වා. අගමැතිකමට පයින් ගහපු අය තමයි අපේ නායකයො” යැයි පැවසීය.

Read more

Local News