රනිල් හා සම්බන්ධන් අතර ගිවිසුමක් අත්සන් කරලා නෑ

Share

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාත් අතර ගිවිසුමක් අත්සන් කළ බව සඳහන් කරමින් පළවෙන වාර්තාව එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ.

එම ගිවිසුම සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණ කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙය කූඨ ලේඛණයක් බවත් එය රට අස්ථාවර කිරීමට ගත් ලියැවිල්ලක් බවත් ඒ මහතා වැඩ්දුරටත් සදහන් කරයි.

මේ අතර මයන්ත දිසානායක මහතාද අද දින අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවක් සඳහා එක්වෙමින් වික්‍රමසිංහ මහතා හා සමිබන්ධන් මහතා අතර කිසිදු හෝ එකඟතාවය පළ කිරිමේ ගිවිසුමක් සිදුනොවු බව පැවසීය.

Read more

Local News