පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පණිවිඩයක්

Share

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලැබී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයක වෙළඳසැල්වලට පැමිණි නාදුනන පුද්ගලයින් පිරිසක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බව පවසමින් වෙළඳසැල් පරීක්ෂා කොට වෙළඳසැල් හිමියන්ගෙන් මුදල් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

වැටලීම් සිදු කිරීමේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් සිය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා රාජකාරි හැදුනුම්පත ඉදිරිපත් කිරීම සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එලෙස අනන්‍යතාව හෙළි නොකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දෙන ලෙස වෙළඳ ප්‍රජාවගෙන් දැනුම්දීමක් සිදු කරයි.

Read more

Local News