ඉන්දියාවේ අංක එකේ ධනවතාගේ දියණිය මඟුල් දා නැටවු ශ්‍රී ලාංකීකයා

Share

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානි මහතාගේ දියණියගේ විවාහ මංගල්‍යයේ නර්තන අධ්‍යක්ෂණයට ශ්‍රී ලංකාවේ චන්දන වික්‍රමසිංහ මහතා විසින් සිදුකර තිබේ.

ඔහු දින දෙකක් නර්තන අධ්‍යක්ෂණය සිදුකර ඇති අතර අවසන් දිනය වන අද දිනයේද නර්තන අධ්‍යක්ෂණය සිදු කරන්නේද චන්දන වික්‍රමසිංහයි.

මුම්බායි නුවරදී මෙම විවාහ උත්සවය පැවැත්වෙයි.

සාම්ප්‍රදායික නර්තනයකින් සිය නර්තන අංග ආරම්භ කරන බව චන්දන වික්‍රමසිංහ මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශ කළේය.

“කැපිලි කෙටිලි මධ්‍යයේ ගිය ගමනක්. අපි බොහොම හිමින් යන්‌ේන. යන ගමන අපට ගොඩක් දුර යන්න පුළුවන්. නර්තන ක්ෂේත්‍රය තුළ මම අවුරුදු 27ක් ඉන්නවා. මට උදව් කළේ ලංකාවේ මාධ්‍ය. ඒකටත් බොහොම පිං” යැයි ඔහු පවසයි.

Read more

Local News