TNA සමඟ විවෘතව කටයුතු කරනවා – SLPP

Share

ද්‍රවිඩ ජාතික සන්ධානය සමග කිසිම ආකාරයක එකඟතාවකට නොපැමිණි බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ටිවිටර් පණිවිඩයක සටහන් කර තිබේ.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජතික සන්ධානය අතර ගිවිසුමක් ඇති බවට අසත්‍ය ප්‍රකාශ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පළ කරන්නේ නම් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තමන්ට ලබාදෙන බව කී පොරොන්දු පිළිබඳව හෙළිකිරිමක් කරන බවයි.

එය ප්‍රතික්ෂේප කරන ශ්‍රි  ලංකා පොදුජන පෙරමුණ පවසන්නේ ද්‍රවිඩ ජාතික සන්ධානය සමග එකඟතාවයකට එන්නේ නම් එය විවෘතවත් විනිවිදවත් කරන බවයි.

Read more

Local News