ජනපති තීන්දුව නීති විරෝධීයි

Share

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධීයැයි සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේය.
එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවෙන් සඳහන් කර සිටියේය.
ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අළුවිහාරයේ, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු වරුන්ගේ එකගත්වය සහිතව අගවිනිසුරු නලිත් පෙරේරා විසින් තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
සිසිර ද ආබෲ විනිසුරුවරයා තීන්දුව අනුමත කරමින් වෙනම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

Read more

Local News