පෙරහැර නිසා මාර්ග කිහිපයක් සිමා කෙරේ

Share

වත්තල පොලීස් වසමේ හෙට(15) දින රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිත වත්තල හැඳල පුරාණ විහරස්ථානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති පෙරහැර හේතුවෙන් මාර්ග කිහිපයක රථ වාහන, අනිද්දා(16) දින අලුයම දක්වා සීමා කිරීමට සිදු වෙයි.

පෙරහැර හැඳල පුරාණ විහාරස්ථානයෙන් ආරම්භ කර හැඳල හංදිය, මීගමු කොළඹ ප්‍රධාන මාර්ගයේ අල්විස් ටවුන් හංදිය – අල්විස් ටවුන් හංදියෙන් හැරී ටවුන් පාර ඔස්සේ ඇළකන්ද හැඳල මාර්ගයෙන් නැවත හැඳල පන්සල දක්වා ගමන් කිරීමට නියමිතය.

පෙරහැර ඉහත මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවන්හි දී එම මාර්ගවල රථ වාහන සීමා කිරීමට සිදු වන අතර විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදු වෙයි.

Read more

Local News