ආයේමත් රංගේට කතා නොකරන බව SB කියයි

Share

මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබාගැනීම සඳහා තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 161 දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වූ බව එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (13ෙ) පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

එම පිරිසෙන් 123 දෙනෙකු මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබාදීමට කැමැත්ත පළකර සිටි බවත්, එහෙත් ඇතිවූ අර්බුදය හේතුවෙන් බහුතර බලය පෙන්වීමට අවස්ථාවක් නොමැති වූ අතර, ඉදිරියේදී බහුතර බලය පෙන්වීමට අවශ්‍ය වුවහොත් යළිත් සාකච්ඡා කරන බවත් ඒ මහතා පැවසීය.

තවද රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා සමග තවත් කිසිදු සාකච්ඡාවක් සිදුනොකරන බවද හෙතෙම වැඩිදුරටත් එහිදි පැවසීය.

Read more

Local News