මුතුහෙට්ටිගමත් තීන්දුව පිළිගනී

Share

එළඹෙන සඳුදා දිනය වන විට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව නව රජයක් හා කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පැවසීය.

ජනාධිපතිවරයා ඊයේ දින ලැබු නඩු තීන්දුවටද ගරු කරමින් සහ අද දින තීන්දුවක් ලැබෙන බවත් එයටද ගරු කරමින් සඳුදා දිනය වන විට නව ක්‍රියාමාර්ග වලට නියැළීමට සූදානම් බවත් ඔහු පැවසීය.

පවතින තත්ත්වය තුළ රටට හොඳක් නොවූවත් කුමන හෝ ආණ්ඩුවක් සෑදේවී යැයි විශ්වාස කරන බවද ඔහු පැවසීය.

එසේම නව ආණ්ඩුවට එක්වීමට බලාපොරොත්තුවක් නොමැති බවද මන්ත්‍රිවරයා වැඩ්දුරටත් පැවසිය.

Read more

Local News