අධික වේගෙන් අා වෑන් රිය ත්‍රිරෝද රථයක ගැටෙයි

Share

නුවරඑලිය සිට මස්කෙලිය දක්වා අධික වේගයෙන් ධාවනය වු වෑන් රථයක් ඉදිරියෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුවී අැති බව පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එක් අයෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

ඊයේ (13) රාත්‍රි 7 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයේදි ය.

වෑන් රථයට ඉදිරියෙන් කොටගල සිට හැටන් දක්වා ධාවනය වු ත්‍රිරෝද රථය මගියෙකු ත්‍රිරෝද රථයට නංවා ගැනිමට නතර කල අවස්තාවේ අධික වේගයෙන් පිටුපසින් ධාවනය වු වෑන් රථය ත්‍රිරෝද රථයේ ගැටිමෙන් පසු ත්‍රිරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරා තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර වෑන් රථයේ අධික වේගය අනතුරට හේතුව බව අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේය.

Read more

Local News