තැන් දෙකකදී කුඩු සමඟ 2ක් මාට්ටු

Share

හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් සහ තරුණයෙක් පෑලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(13) රාත්‍රියේ බස්නාහිර පළාත උතුර දිසා බුද්ධි අංශයේ නිළධාරින් විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

පෑලියගොඩ තොරණ හංදිය ප්‍රදේශයේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 40යි මිලිග්‍රැම් 350ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලබාගත් තොරතුරු අනුව පෑලියගොඩ කැලණි වටරවුම අසල දී හෙරොයින් ග්‍රෑම් 75යි මිලිග්‍රෑම් 780ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වහරක ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(14) අලුත්කඩේ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News