ගොතටුව දී හෂීස් සමඟ අයෙක් දැලේ

Share

ගොතටුව, මුල්ලවත්ත ප්‍රදේශයේදී හෂීස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගොතටුව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එහිදි සැකකරු සතුව තිබී හෂීස් ග්‍රෑම් 512ක් පොලීසිය භාරයට ගෙන තිබේ.

ඔහු අද(14) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News