කොළඹින් දින තුනට බීමත් රියැදුරන් 150ක්

Share

උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වැටලීම්වලදී දින 3ක් තුළ කොළඹ ආශ්‍රිතව කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 150 දෙනෙකුට එරෙහිව නඩු ගොනු කළ බව පොලීසිය පවසයි.

රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර උත්සව සමය වෙනුවෙන් රථ වාහන රාජකාරීවල නිරත පොලිස් නිලධාරීන්ගේ නිවාඩු සීමා කිරීමට සිදු වන බවත්, මහජනතාවගේ ආරක්ෂාව සහ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් එම පියවර ගන්නා බව ද එ් මහතා පැවසීය.

Read more

Local News