සමන් විශේෂ විමර්ශනයට කැඳවයි

Share

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා එල්ල වී ඇති පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදු කරන ලද කැඳවිමකට අනුව අද(14) පෙරවරු 09.30ට පමණ සමන් රත්නප්‍රිය මහතා එම ඒකකය වෙත පැමිණ ඇති බවට වාර්තා වෙයි.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත මහතා විසින් පොලිස් මූලස්ථානයට පැමිණ සමන් රත්නප්‍රිය මහතාට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

එ් සමන් රත්නප්‍රිය මහතා පසුගිය 06 වනදා පැවැති මාධ්‍ය හමුවකදී රට තුළ අරගලයක් නිර්මාණය වන ආකාරයේ සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශ සිදු කළ බව පවසමිනි.

ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි.

Read more

Local News