අද සමාජය ගැන කරූ කියයි

Share

අද සමාජය ධනයට බලයට යට වී විනය කැඩි ගොස් ඇති බවත්, විනය කඩවී ගියහොත් එය රටට විශාල හානියක් ඇති කරන බව කථානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පිළියන්දල පැවති ආගමික උත්සවයකට එක් වෙමිනි.

එමෙන්ම ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ විනය පිරිහුනු සෑම අවස්ථාවකම නීර්භීතව ඊට එරෙහිව නැගී සිටීමට කටයුතු කරන බවයි.

පිළියන්දල නිවුන්ගම නන්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ විහාර ගොඩනැඟිල්ල සසුනට පූජා කිරිම ඊයේ(13) පස්වරුවේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

එම අවස්ථාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි ඇතුලු ස්වාමීන්වහන්සේලා එක්ව තිබේ.

Read more

Local News