ජන්දයක් ගන්න මහින්ද අධිකරණයට යයි

Share

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් පැතීමට බලාපොරොත්තුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණය නොපවැත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව තම කොමිසමට චෝදනා එල්ල කරන බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේය.

සිමානිර්ණ ගැටලු අවසන් නොවීම හේතුවෙන් අලුතින් හදුන්වා දුන් මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය නොහැකි බවද එ් මහතා පැවසීය.

Read more

Local News