Tuesday, March 19, 2024.

මට ප්‍රශ්ණයක් තියෙනවා – ඩලස් අලහප්පෙරුම

Share

මැතිවරණයක් දිනා දීම සඳහා තව මාර්ග රාශියක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් “මහා මාර්ගය හරහා ගමන් කරන මාර්ග කිහිපයක් තිබුණේ අධිකරණ ශාලා හරහායි. අධිකරණය මහ මැතිවරණයක් සඳහා ජනතාව යන ගමනේ අධිකරණ ශාලා හරහා ගමන යුතු නෑ කියලයි අධිකරණය කිව්වේ.

මැතිවරණයක් දිනා දීම සඳහා තව මාර්ග රාශියක් තිබෙනවා. අපි ඒකට නායකත්වය දෙනවා.

අපි හැමදෙනෙකුටම ආරාධනා කරනවා ශක්තිමත්ව ඉදිරියට යමු කියලා.මැතිවරණයක් අවශ්‍ය නෑ කියලා අධිකරණයට ගියපු බොහෝ දෙනෙක් ගැන අපිට තේරුම් ගන්න බෑ. නමුත් එක් පුද්ගලයෙක් ගැන අපිට හිතාගන්න බෑ. මැතිවරණ කොමිෂමේ සාමාජික ආර්. හූලන් මහතා.

මට ප්‍රශ්ණයක් තිබෙනවා. වසර 2ක හමාරක් පළාත් පාලන මැතිවරණය නැතිව අපි අධිකරණයට ගියා. වසරකතුත් මාස තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩුව විභාග කළා.

මේ කොමසාරිස්තුමා ඒ වෙලාවේ අධිකරණයට යන්න සූදානම් වුණේ නෑ. අදට පළාත් සභා හයක් විසුරුවා තිබෙන්නේ. කොමසාරිස්තුමා අධිකරණයට යන්න තීරණය කළේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂිත තාව රැකෙන්නේ මැතිවරණ අනුවයි.”යැයි මන්ත්‍රිවරයා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News