Tuesday, March 19, 2024.

හෙරොයින් ට්‍රෝලර්යේ අයිතිකරු යළි රිමාන්ඩ්

Share

බේරුවල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඔහු ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ ජී.ඩී. පෙරේරා මහතා නියෝග කර අැත.

පසුගිය 07 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් අත්අඩංගුවට ගත් සැකකරු දින 07 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ සැකකරු පාකිස්ථානය සහ සීෂෙල්ස් රාජ්‍යය අතර දීර්ඝ කාලයක සිට සබඳතා පවත්වා ඇති බවට අනාවරණය වී ඇති බවයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 59 ක මුදලක් හා ඔහුට අයත් බෝට්ටු 02  ක් සිය බාරයට ගෙන ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය අධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

Read more

Local News