ජනපති ශ්‍රී ලංකා නායකත්වය මාලිංගට දෙයි

Share

නවසීලන්ත තරග සංචාරයේ එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ලසිත් මාලිංගට හිමි වී ඇත.

මෙම සංචාරයට එක්වන ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියෙන් පත් කර තිබේ.

ශ්‍රී ලංකා පිලේ උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබේ.

සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය

1.ලසිත් මාලිංග- නායක
2.නිරෝෂන් දික්වැල්ල- උපනායක
3.ඇන්ජලෝ මැතිව්ස්
4.ධනුෂ්ක ගුණතිලක
5.කුසල් ජනිත් පෙරේරා
6.දිනේෂ් චන්දිමාල්
7.අසේල ගුණරත්න
8.කුසල් මෙන්ඩිසි
9.ධනංජය ද සිල්වා
10.තිසර පෙරේරා
11.දස්නු ශානක
12.ලක්ෂාන් සඳකැන්
13.සිකුගේ ප්‍රසන්න
14.දුෂ්මන්ත චාමර
15.කසුන් රජිත
16.නුවන් ප්‍රදීප්
17.ලහිරු කුමාර

Read more

Local News