Tuesday, March 19, 2024.

හිටපු අගවිනිසුරුත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනියයි

Share

හිටපු අගවිනිසුරු සරත් .එන් .සිල්වා මහතා අධිකරණයට අපහාස කළා යැයි චෝදනා නගමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, මහාචාර්ය හේවා වඩුගේ සිරිල් සහ මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

ඉකුත් 3වැනිදා ජාතික එකමුතුව මඟින් මරදානේ පැවැත්වූ රැස්වීමකදී අදහස් දැක් වූ හිටපු අගවිනිසුරුවරයා අධිකරණයට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති පෙත්සම්කරුවන් කියා සිටියේය.

ඉකුත් ඔක්තෝබර් මස 18 වනදා ද ඔහු මේ අයුරින්ම අධිකරණයට අපහාස කර ඇති බවද පෙත්සම්වල සඳහන් වෙයි.

හිටපු අගවිනිසුරුවරයාගෙ මෙම ක්‍රියාකලාපය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන මෙන්ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News