මහ රෑ ගෙදර ගිය ව්‍යාපාරිකයාට තේ වත්තේදී වෙච්ච දේ

Share

දෛනික රාජකාරිය නිම කර නිවසට යමින් සිටි ව්‍යාපාරිකයකු මහ මඟ රැක සිට මංකොල්ලකෑමේ සිද්ධියක් වැලිමඩ දික්කාපිටියෙන් වාර්ථා වේ.

අගතියට පත් ව්‍යාපාරිකයා එළවලු ව්‍යාපාරිකයෙකුවන අතර සිය ලොරි රථයෙන් එළවලු රැගෙන බිබිලට ගොස් තොග වශයෙන් විකුනා ලබා ගත් ආදායම වන රුපියල් දෙලක්ෂ හැත්තෑදහසක් මේ අයුරින් කොල්ලකා ඇත.

ව්‍යාපාරිකයාගේ නිවසටම ලොරිය ධාවනය කිරීමට මාර්ග පහසුකම් නැති බැවින් රාත්‍රී 10.30 ට පමණ ලොරිය පාරේ නවතා පාගමින් නිවසට යද්දී තේ වත්තක සැඟවි සිටි දෙදෙනකු අදාල මුදල සහිත මුදල් පසුම්බිය කොල්ලකා පලාගොස් තිබේ.

කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වැලිමඩ පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

Read more

Local News