කොළඹ ආරක්ෂාව තර කෙරේ

Share

උත්සව සමයේ ආරක්ෂාව හා රථවාහන පාලනය සඳහා කොළඹ නගරය තුළ පොලිස් නිලධාරීන් 2000 කට අධික පිරිසක් හෙට(15) දිනයේ සිට රාජකාරියේ යොදවා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවැසුවේ මෙම නිලධාරීන් නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින් රාජකාරී යොදවා ඇති බවයි.

උත්සව සමයේ බීමත් රියදුරන්ගෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා හෙට දින සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද වැඩි කරන ලෙසට රථවාහන අංශයේ නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී තිබේ.

Read more

Local News