පැය18ක් අද කොළඹට වතුර නෑ

Share

අද(15) කොළඹ ප්‍රදේශ කීපයකට ජල කප්පාදුවක් සිදු වන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 18ක කාලයක් මෙම ජල කප්පාදුව සිදු කෙරේ.

මේ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, ඇතුල්කොට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත්ත විශ්වවිද්‍යාල දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ගවල ජල සැපයුම අත්හිටුවේ.

මාර්ග සංවර්ධන කටයුත්තක් නිසා සිදු කරන ජල සැපයුම අත්හිටුවීම අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට(16) පස්වරු 6 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

Read more

Local News