නව නාවික හමුදාපති පත් කෙරේ

Share

නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පත් කොට ඇත.

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව මෙම පත්කිරීම සිදුකර තිබෙන අතර, නව පත්වීම හෙට (26) සිට කි‍්‍රයාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය මඟින් දැක්වූ නිවේදනයක දැක්වේ.

 

නව පත්වීමත් සමඟ රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා වයිස් අද්මිරාල් නිලයට උසස් කර ඇත.

 

රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා අදාළ පත්වීම් ලිපිය අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා අතින් භාරගනු ලැබීය.

Read more

Local News