පුරාවස්තු කැණීම් කල 8ක් දැලේ

Share

ඇතිමලේ පොලිස් වසමේ උඩික්කපු ආර, බෝගස්යාය ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ 08දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කැණීම් කරන බවට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ සැකකරුවන් 08දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

ඊයේ(14) සවස 6.00ට පමණ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 40,28,46,42,39,31,38 වයස් වල පසුවන ඇතිමලේ, ඇඹිලිපිටිය, උඩවලව, ගලෙන්බිඳුනුවැව, මොණරාගල, හුලංනුගේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද(15) දින සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇතිමලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News