ලක්ෂ 121 ක කුඩු සමඟ 2ක් මාට්ටු

Share

නුගේගොඩ පාගොඩ පාරේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1ට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම හෙරොයින්වල වටිනාකම රුපියල් ලක්ෂ 121 කට අධික වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

හෙරොයින් තොගය ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Read more

Local News