ලැඟුම්හලක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

Share

බදුල්ල මහියංගන මාර්ගයේ අඹගහඔය ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලක කාමරයක තිබි පුද්ගල මළ සිරුරක් අද (15) උදෑසන හමු වි තිබේ.

මියගිය පුද්ගලයා බදුල්ල දෙමෝදර පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙක් බවට හදුනාගෙන ඇත.

මොහු කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව සනාථ කෙරෙන සායනික සටහන් පොත් කීපයක් ද ඔහු සතුව තිබී පොලිසියට හමුවී ඇත.

මරණය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News