විපක්ෂ නායක ධූරය මහින්දට ?

Share

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය අසුන් ගන්නා බවට කථානායකවරයා දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව පාර්ලිමේන්තු විපක්ෂ නායක ධුරය ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාගැනීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට තීරණය කර ඇති බව මන්ත්‍රීවරයා පැවසිය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අඟහරුවාදා පෙරවරුවේ පැවැත්වීමට ද තීරණය කර තිබේ.

මේ අතර හෙට (17) දිනය තුළ සන්ධානයේ මන්ත්‍රීවරුන් සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Read more

Local News