නව මැතිවරණ ක්‍රමය ගැන රජය ජනතාව දැනුවත් කිරීමට යයි

Share

පළාත් පාලන මැතිවරණ ක්‍රමයට සිදුකරන ලද සංශෝධන මඟින් හඳුන්වාදෙන ලද මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය සහ කාන්තා නියෝජනය පිළිබඳව මහජනතාව සහ සිවිල් සංවිධාන දැනුවත් කිරීමට රජය අදහස් කොට ඇත.

ඒ සඳහා කඩිනම් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා සහ කාන්තා හා ළමා කටයුතු ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඉදිරිපත් කොට තිබූ ඒකාබද්ධ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කොට තිබේ.

Read more

Local News